කිරුලපන වෙඩි තැබීමක්

කිරුලපන මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී කාලයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *