ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත්

පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව රෝගය වැ​ළඳුන දරුවන් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

මෙහි රෝග ලක්ෂණ ලෙ​ස ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ ස​හ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත් මෙය ඉතාම ශීඝ්‍රයෙන් බෝවන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඇස් රෝගය වැළඳුන පුද්ගලයෙක් තමන්ගේ ඇස් ස්පර්ශ කර යම් ස්ථානයක් ඇල්ලීමෙන් පසු එම ස්ථානයම නිරෝගී පුද්ගලයෙක් ස්පර්ශ කර තමන්ගේ ඇස් ස්පර්ශ කළහොත් මෙය බෝවන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *