ICC CWC 2023 : ශ්‍රී ලංකාව 9 වන ස්ථානය දක්වා පහතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වු තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින අතර, නවසීලන්ත කණ්ඩායමද සහභාගී වූ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහන අනුව ලකුණු 4 බැඟින් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය පිළිවලින් 3 සහ 4 ස්ථානවල රැඳී සිටින අතර එංගලන්තය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් තරගය බැඟින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන පිළිවලින් 5, 6, 7, 8 යන ස්ථානවල රැදී සිටිනවා.

සහභගී වූ තරග සියල්ලම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය පිළිවෙළින් 9 සහ 10 ස්ථානවල පසුවනවා.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *