මධ්‍යම සමූපකාරය ශක්තිමත් කරමින් , තෝරාගත් සමිති සදහා සමූපකාර අරමුදලින් රුපියල් ලක්ෂ 95 ක් වර්තමානය වන විට සමූපකාරය තුල ප්‍රශස්ථ දියුණුවක් පවතිනවා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

2008 වර්ෂයේ අගෝස්තු මස සිට 2023 වර්ෂයේ අගෝස්තු මස දක්වා මධ්‍යම පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (5) පැවැත්විය.

එහිදී මධ්‍යම පළාතේ තෝරාගත් සමූපාකාර සමිති සදහා සමූපකාර අරමුදලින් ණය මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 95ක් ලබාදීම සදහා මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ අතර, ඒ අනුව සි/ ස නුවරඑළිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා රු.1,000,000.00 ද සි/ස හැටන් දික්ඔය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා රු.4,000,000.00 ද සි/ ස මහනුවර විවිධ සේවා සමූපකාර සමිතිය සදහා රු.1,000,000.00 ද සි/ස නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා රු. 2,500,000.00 ද සි/ස උඩුනුවර විවිධ සේවා සමූපකාර සමිතිය සදහා රු. 1,000,000.00 ද ලබාදීම සිදු වූ අතර, එම සමූපකාර සමිති වල වර්තමානය වන විට ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති සදහා එම මුදල් යෙදවීමට නියමිතව ඇත.

මධ්‍යම පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලට දිස්ත්‍රීක්ක මට්ටමෙන් කාර්යක්ෂමව දායකවී කුසලතාවය පෙන් වූ සමූපකාර සමිති ඇගයිම ද මෙහිදී සිදු වූ අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, වර්තමානය වන විට සමූපකාරය තුල ප්‍රශස්ථ දියුණුවක් පවතින බවත්, එදා සාමාන්‍ය මට්ටමේ සිල්ලර භාණ්ඩ වෙළදාමට සීමා වූ සමූපකාරය අද වන විට නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, වෙළදාමට පමණක් සීමා නොවී විවිධ වූ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට පැමිණ ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ කාර්තව්‍යයේදී සමූපකාරය ලබාදුන් දායකත්වය සුවිශේෂී බවත්, විධිමත් සැලසුම් ඔස්සේ තව තවත් සමූපකාර ශක්තිමත් කිරීම කාලීනව වැදගත් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශහ ලේකම් උපාලි රණවක, මධ්‍යම පළාත් සමූපකාර පාලක මණ්ඩලයේ ලේකම් පළාත් සමූපකාර කොමසාරිස් අමිල නවරත්න, මධ්‍යම පළාත් සමූපකාර පාලක මණ්ඩලයේ සභාපති නවරත්න බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් විය.

– මාතලේ මහේෂ් කීර්තිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *