ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඔහු​ගේ නිදොස් කිරීම සහ ඔහුගේ ක්‍රිකට් දිවිය සහ ක්‍රිකට් අභිලාෂය කෙරෙහි එහි බලපෑම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් මෙය විමර්ශනය කළ කමිටුව විසින් ඔහුගේ තහනම ඉවත් කිරීමට ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව 2023 ඔක්තෝම්බර් 13 වැනි දින පැවති රැස්වීමේදී මෙම නිර්දේශය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *