කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම වාලම්පුරියද සමග පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.
එම විහාරස්ථානයේ හිමිනමක් මෙම මූර්ති කැටයම් ශිල්පියා අතරමැදියකු ලෙස යොදාගෙන වාලම්පුරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි වැටලීම මෙහෙයවූ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
වැටලීම කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලිකවම ලැබුණු තොරතුරක් අනුවය.
මේ අනුව ස්ථානාධිපතිවරයා උපාය දූතයකු යොදවා කළ සූක්ෂම බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු මෙසේ අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මෙහෙයුම සඳහා පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකයේ බුද්ධි අංශ නිලධාරීහු සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීහුද සහාය වූහ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එම වාලම්පුරියද සමග මාලඹේ පොලිස් ස්ථානයට ඊයේ බාර දී ඇත.
වලාන මධ්‍යම දුෂණ මර්ධන මර්දන බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන බාලසූරිය අමිල,සංජීව,සියන්ත සේනාරත්න ,කාන්තා පොලිස් නිලධාරිනී රිහාරි පොලිස් කොස්තාපල් රියදුරු තිසර මීරිගම ගුවන් හමුදා කඳවුරේ සැරයන් එදිරිසිංහ, කුලතුංග කෝප්‍රල් තෙන්නකෝන් ලාන්ස් කෝප්‍රල්වරුන්වන සදරුවන් සහ ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.