එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ

එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීමේ කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වික්‍රමනායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක,නිකායාරක්ෂ දායක සභාවේ සභාපති කරු ජයසූරිය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු සහ චීන බෞද්ධ ගිහි පැවැදි දූත පිරිසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
මාධ්‍ය අංශය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය