සැකකරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.
සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බවයි කඳාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.