විදුලි පිරිවැය යළි ගණනය කරන්න – උපයෝගිතා කොමිසම මණ්ඩලයට දන්වයි

විදුලි ගාස්තු යළි ඉහළ දැමීම සම්බන්ධයෙන් ලබා දුන් පිරිවැය ගණනය කිරීම වත්මන් තත්ත්වය සමග නොගැලපෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.
වර්ෂාව ලැබීමත් සමග ජලාශවල මේ වන විට පවතින තත්ත්වය සහ ජල විදුලි උත්පාදන හැකියාව යන සාධක පිළිබඳව සළකා පිරිවැය නැවත ගණනය කරන ලෙසයි කොමිසම විසින් මණ්ඩලය වෙත දැනුම්දී ඇත්තේ.
විදුලිබල මණ්ඩලය විසින් 22%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන ලෙස පසුගියදා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා.