වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය යළි ආරම්භ කිරීමට පියවර

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මාසයේ ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වසර 14කට පසුව පැවැත්වෙන එම ප්‍රදර්ශන දෙසැම්බර් 13 වැනිදා සිට 17 දක්වා පැවැත්වීමට නියමිතයි

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති අතර එහිදී රාජ්‍ය ආයතන එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාසල් සිසු සිසුවියන් සඳහා විෂයානුබද්ධ හා ප්‍රායෝගික විශේෂ සම්මන්ත්‍රණ රාශියක් මෙන්ම, ව්‍යවසායකයින් හා අපනයන වෙළෙදපොල වෙත යාමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල තොරතුරු ද ලබා ගත හැකියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *