වසරේ ගත වූ කාලය තුළ ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මෙම වසරේ ගත වූ කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 22 ක් සමග ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 14 වනදාද මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයින් යාත්‍රා 5ක් සමග ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඒ, මන්නාරමට ඔබ්බෙන් සහ යාපනය, ඩෙල්ෆ්ට් හා කච්චතිව් දූපත් අසල වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදීයි.
මෙම ධීවරයින් තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගෙන ඇති අදාළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් රාමේශ්වරන් හි ධීවරයින් ඊයේ දිනයේ වර්ජනයක ද නිරත වී තිබුණා.