පාසල් වලට ළමයින් පැමිණිමට ප්‍රථම දෛනිකව පාසල් ගොඩනැගිලි හා භුමිය පුර්ව පරික්ෂාවකට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බවට තහවුරු කරගන්න.

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වලට ළමයින් පැමිණිමට ප්‍රථම දෛනිකව පාසල් ගොඩනැගිලි හා භුමිය පුර්ව පරික්ෂාවකට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බවට තහවුරු කර ගැනිමෙන් අණතුරුව පාසැල් ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බංඩාරවෙල ප්‍රදේශයේ පාසල් 144 ක විදුහල්පති වරුන්හට දැනුම්දීමක් කල බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා සදහන් කලේය.

දුර බැහැර සිට පාසල් සදහා පැමිණෙන මුන් ගමන් ගන්නා මාර්ගවල අවදානම් තත්ත්වයක් පවති නම් එම ළමුන්හට යාහැකි වෙනත් පාසල් සදහා තාවකාලිකව ඇතුලත්ව අධ්‍යාපන කටයුතු සිදුකර ගැනිමට අවස්ථාව ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද විදුහල්පති වරුන් දැනුවත් කිරිමටද කටයුතු කල බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා පවසයි.

තමන් අයත් පාසලෙ යම් ආපදා තත්වයක් දක්නට ලැබේන්නේ නම් ඒසදහා අවශ්‍ය තීන්දු තිරණ ගැනිමේ බලයද විදුහල්පති වරුන්හට පවරා ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා තවදුරටත් පවසා සිටි.

දැනට බන්ඩාරවෙල ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත නායයෑම් පස්කදු කඩාවැටිම් ඇතුළු හදිසියි ආපදා තත්ත්වයන් ඇති විමට ඉඩකට වැඩි බැවින් සිසු දරු දැරියන්ගේ ආරක්ෂාව සදහා මෙම පියවරයන් ගැනිමට තිරණය කල බවත් ධම්මික හේරත් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *