හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් දෙකක් හෙට වසා තැබෙයි

පවතින අධික වර්ෂාපනයත් සමග හල්දුම්මුල්ල, කොස්ලන්ද ප්‍රදේශයේ මතුව ඇති නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මකල්දෙණිය දෙමළ ප්‍රාථමික විද්‍යාලය සහ මිරියබැද්ද දෙමළ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දෙක හෙට (16) දිනයේ වසා තැබිමට පියවර ගෙන තිබෙනවා.

හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිලානි ධම්මිකා මහත්මිය පැවසුවේ එම පාසල් වසා තැබුවද එහි ඉගෙනුම ලබන සිසුන් පිරිස අඩු පිරිසක් බැවින් ආසන්නයේ පිහිටි වෙනත් පාසල්වලට ඔවුන් යොමු කිරීමට හෝ රැඳවුම් මාධ්‍යස්ථානවලම පවතින පහසුකම් යටතේ ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි

එම ප්‍රදේශයේම පිහිටි ආර්නෝල්ඩ් දමිල විද්‍යාලය ද අනාරක්ෂිත බවකින් යුක්ත බැවින් එහි අධ්‍යාපන කටයුතු සිදුකළ හැකිද යන්න පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි විදුහල්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *