සින්දුකාර කවිනලුව 25 වෙනි දැක්ම ලුම්බිණි රගහලේ දී

සින්දුකාර කවිනලුව” නාට්‍යයේ 25 වෙනි දර්ශනය ශ්‍රීලාංකේය නාට්‍ය කරුවන්ට සුවිශේෂී රගහලක් වූ ලුම්බිණි රගහලේ දී සවස 6.15ට විශේෂ දර්ශනක් පැවැත්වීමට පේරාදෙණිය සරසවියේ ආදි විද්‍යාර්ථීන් ගේ ගැමි දරුවෝ සංවිධානය කටයුතු කර ඇත. එම සංවිධානයේ සාමාජික ප්‍රවීණ සාහිත්‍යවේදී කලාභූෂණ සුගත් වටගෙදර මහතාට උපහාරයක් ලෙස මෙම දර්ශනය පවැත්වීමත් එහි තවත් පැරැණි සාමාජිකයකු වන ප්‍රවීණ රංගවේදී නිශ්ශංක දිද්දෙනිය මහතා සින්දුකාර කවිනලුවේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීමත් මෙහි ඇති තවත් විශේෂත්වයකි.
මහාචාර්ය මංගල සේනානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම නාට්‍යයේ නිශ්ශංක දිද්දෙනිය, රත්නාලාලනි ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසුරිය, රුක්මන් තිලකරත්න, අමන්දා නාරන්කොටුව, උවිදු අබේසුරිය, චමින්ද මැදගෙදර, රංගජිත් අබේසුරිය, චානු දිසානායක, මහේන්ද්‍ර හේමන්ත කුමාර, ඇතීනා සෙනෝලි රංගනයෙන් දායක වෙති. ශාන්ත පීරිස් විසින් සංගීත අධ්‍යක්ෂනය කරනු ලබන මෙහි අංගරචනය යසන්ත කරුණරත්න විසින් ද රංග වස්ත්‍ර හා රංග වින්‍යාසය ප්‍රසන්නජිත් අබේසූරිය විසින්ද මාධ්‍ය සැලසුම් සහ නිර්මාණ නලීන් සම්පත් විසින්ද වේදිකා පසුතල නිර්මාණ චතුර දසනායක විසින්ද සිදුකරනු ලබයි.