ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45 කින් නිකුත් කෙරේ

අද (15) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය ද විභාග කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට හැකි වූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888ක අපේක්ෂකයින් 337,956 දෙනෙකු පෙනී සිටි බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *