මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කොටු කළ STF මෙහෙයුම

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04, මි.ග්‍රෑ. 570ක්, කේරළ ගංජා ග්‍රෑම් 200ක්, මත් කරල් 800ක්, ඩිජිටල් තරාදි 01ක් සහ ජංගම දුරකතනයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

ඉහළ තල්දුව, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක පමණ අයෙක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් ප්‍රමාණයක් ද එම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *