බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
නගරයේ නවතා තිබූ වාහන රැසක් ද ජලයෙන් යට වී තිබෙනවා.
එසේම වෙළඳසැල්වලට ද ජලය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.