දිවංගත අගමැති එස්.ඩබ්.ආර් ඩි බණ්ඩාරනායක මහතා සහ ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ සිහිකර ඇළහැර අයෙකු මාතලේ ළමා නිවාසයකට බුදුමැදුරක් ඉදි කර පුජා කරයි

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ් .ආර්.ඩි බණ්ඩාරනායක මහතා සහ ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහි කරමින් ඔවුන්ට පිං පිණිස අලංකාර බුද්ධ මන්දිරයක් මාතලේ තරුණ බෞද්ධ සමිතිය යටතේ පාලනය වන සෙනෙහස පිරිමි ළමා නිවාසයේ ඉල්ලිම අනුව ඇළහැර අතරගල්ලෑව මිණිපුරගම පදිංචි ඩබ්.එම් චන්ද්‍රසේන බණ්ඩා මහතාගේ පුර්ණ ධන පරිත්‍යාගයෙන් ඒ මහතා විසින් ඉදි කොට සසුනට පුජා කිරිමේ පිංකම් ඉකුත්දා මාතලේ කොහොඹිලිවෙල තරුණ බෞද්ධ සමිති පරිශ්‍රයේ “සෙනෙහස “පිරිමි ළමා නිවාසයේදි පැවැත්විණි.
මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිංලග දැල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු විය.
ඇළහැර අතරගල්ලෑව මිණිපුරගම පදිංචි ඩබ්.එම් චන්ද්‍රසේන බණ්ඩා මහතාගේ පුර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම බුද්ධ මන්දිරය රුපිල් ලක්ෂ 20ක ආසන්න මුදලක් වැය කරමින් ඉදි කළ අතර චන්ද්‍රසේන මහතා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වන අතර මේ වන විට වඩු කර්මාන්තය සිය ජිවිකාව කරගෙන සිටියි.
දරුවන් තිදෙනෙකුගේ ආදරණිය පියෙකු වන චන්ද්‍රසේන මහතා ඉදි කළ මෙම 06 වෙනි බුදු මැදුර බවත් මිට පෙර හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභුන්ට පිං පිණිස බුද්ධ මන්දිර ප්‍රදේශයේ පෙර පාසල් ,පාසල් ,දහම් පාසල් ඇතුලු ආයතන සදහා සදා දෙමින් ප්‍රදේශයේ ආගමික සහ සමාජයිය කටයුතු වන නිරතවන යෙකි.
මෙහිදි අනුශානාවක් සිදු කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියන් කියා සිටියේ වත්මන් කාලයේදි කළ ගුණ දත් පිරිස අඩු බවත් ජන නායකයින් ලෙස කටයුතු කළ බණ්ඩාරනායක මහතා සහ එම මැතිනිය සිහිපත් කරමින් මෙසේ බුද්ධ මන්දිරයක් ඉදිකොට පුජා කිරිමට සිත් පහලවිම පැසසිය යුතු බවත් ඒ සදහා මෙවැනි ළමා නිවාසයක් තෝරා ගැනිමද අගය කරන බවය.
මෙහිදි අදහස් දැක්වු මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දැල මහතා කියා සිටියේ වසර 70ක් පැරණි මෙම ළමා නිවාසයේ ඉදි කළ බුද්ධ මන්දිරය ඉදිකිරිම පිළිබදව චන්ද්‍රසේන මහතාට කෘතවේදිත්වය පිරිනමන බවත් වර්තමානයේදි විවිධ දේ නිසා සමාජය විශාල පරිහානියක් සිදුව ඇති බවත් මෙවැනි සත්කාර්යන් සිදු කිරිමට සිත් පහල විමද අගය කරන බවය.ළමා නිවාස කෙරෙහි අවධානයක් යොමු කරමින් අවශ්‍යතාවයන් සදහා සහය ලබා දිමට කටයුතු කරන බවත් ඒ සදහා නිරතරුව ඇප කැප වි සිටින බවද පැවසිය.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වායේ නැගෙනහිර දිසාවේ උප අධිකරණ සංඝනායක තිත්තපජ්ජල නන්ද හිමි, කුඹියන්ගොඩ ශ්‍රි විද්‍යාසේඛර මුල මහා පිරිවෙන් විහාරාධිපති තලාතුඔයේ සමිද්ධිසිරි හිමියන්,ඇතුලු අතරගල්ලෑව විහාරාස්ථානයේ විහාරාධිපති හිමියන් මොණරවිල කැප්පෙටිපොල පදනමේ සභාපති වෝලටර් තැන්නේ,මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන,මාතලේ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පො.ප වර්ණසුරිය, මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ධම්මිකා කරුණාරත්න,මාතලේ පරිවාස කාර්යාලයේ ස්ථාන භාර පරිවාස නිලධාරි යාපා බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුලු මාතලේ තරුණ බෞද්ධ සමිතියේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න