කොස්ලන්ද මීරියබැද්ද නාය යාමේ අවදානමක පවුල් 81ක පුද්ගලයින් 315ක් ඉවත් කෙරේ

කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පවුල් 81කට අයත් පුද්ගලයන් 315ක් ඉවත් කර තිබෙනවා.
ඔවුන් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි බදුල්ල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
එම පිරිසෙන් පවුල් 70 ක පුද්ගලයින් 270 ක් ගනේශා දෙමළ විද්‍යාලයේ පිහිටුවා ඇති තාවකාලික රැදවුවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානය දෙපස පදිංචි පවුල් 11 ක පුද්ගලයින් 45 දෙනෙකු, කොස්ලන්ද වත්ත පැරණි තේ කර්මාන්ත ශාලාවේ ස්ථාපිත කර ඇති තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.