උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
වටවල හා ගලබඩ යන දුම්රිය ස්ථාන අතර මෙම ගස කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.
අද(15) දහවල් 1 ට පමණ මෙය සිදු වී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ පැමිණි බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ නවතා දමා තිබෙනවා.
එය කොළඹ කොටුවෙන් පෙරවරු 08.30ට බදුල්ල බලා පැමිණි දුම්රියයි.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.