ආයතනයේ සේවිකාවකට අමානුෂික ලෙස පහර දුන් හිමිකරු සහ බිරිඳ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අමානුෂික ආකාරයෙන් තරුණියකට පහරදෙන වීඩියෝව සම්බන්ධයෙන් කඳාන ප්‍රදේශයේ භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පහරකෑමට ලක්වන තරුණිය එම ආයතනයේ සේවිකාවක් බවටයි පැවසෙන්නේ.

මෙම යුවළ එහි දී තරුණියට අත් පාවලින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන අයුරු අදාළ වීඩියෝවේ ඇතුළත්.

පහරදීමේ දී තරුණිය බිම ඇද වැටෙන අතර, ඉන් පසුවද එම දර්ශනවල සිටි ආයතන හිමිකරු යළිත් ඇයට අමානුෂික ලෙස පහරදෙන අයුරු දක්නට හැකියි.

මෙලෙස පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *