අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලොව දියුණු රටවල භාවිත කරන නව STEAM අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමින්
පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා
කෙසේ වෙතත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව මොට වී ඇති බවත් මෙම ඛේදජනක තත්ත්වයෙන් මිදීම සඳහා අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා යා යුතු බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ
ඉදිරියේ දී කෘත්‍රිම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමග ම ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් ඔහු සඳහන් කළා