5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්

හෙට(15) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු මේ වනවිට සුදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2888කදී සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ හය දෙනෙකු පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සිසුන් පළමුව පිළිතුරු සැපයිය යුතු බව එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පවසනවා.

හදිසි ආපදා තත්ත්වයකදී විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *