ප්‍රසන්න විතාන​ගේ බූසාන් සිනමා උළෙලේදී සම්මානයකින් පිදුම් ලබයි

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JISEOK) සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ දිනාගෙන තිබෙනවා.

ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද Paradise චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී තිබෙනවා.

මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය.ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තේරී පත්වී තිබුණා.

Paradise චිත්‍රපටය මෙම සම්මාන ​උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙස වන අතර මෙම චිත්‍රපටය​ට මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු වන දර්ශනා රාජේන්ද්‍රන්, රොෂාන් මැතිව් සමඟ මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් ව​න මහේන්ද්‍ර පෙරේරා සහ ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් දායක වනවා.

news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *