තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරුට

මලවතුහිරිපිටිය හේනේගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
59 හැවිරිදි මියගිය පුද්ගලයා විලිඹුල හේනේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නිවසක පැවති උත්සවයකට සහභාගී වූ බීමත්ව සිටි දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම යාමෙන් එක් අයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් 59 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.