ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය ඇරඹෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද (14) සිට ආරම්භ වනවා.

ඒ අනුව දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කෙරෙනවා

මේ වෙනුවෙන් කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මගී පර්යන්තයක් ද ඉදි කෙරුණු අතර ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රවාහන සේවයේ යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන අතර එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවයි වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *