ICC CWC 2023 : දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වු තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිටින අතර, මෙතෙක් පළමු ස්ථානයේ සිටි නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන ශුද්ධ ලකුණු වේගය මත දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව හා පාකිස්ථානයද තරග දෙක බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 බැඟින් ලබාගෙන සිටින අතර එංගලන්තය හා බංග්ලාදේශය එක් තරගය බැඟින් ජයගෙන තිබෙනවා. මෙම කණ්ඩායම් පිළිවෙලින් 3, 4, 5, 6 යන ස්ථානවල රැඳී සිටිනවා.
ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය සහභාගී වූ තරග සියල්ල පරාජයට පත්වී පිළිවෙලින් 7, 8, 9, 10 යන ස්ථානවල පසුවනවා.
ප්‍රසාද ලකුණු සටහන පහතින්.