හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරනවා – ඊශ්‍රායලය

හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දැමීමට කටයුතු කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පවතින තත්ත්වයට මුහුණදීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් ආරම්භ වී 6 වන දිනය වන විට පලස්තීනුවන් 1100 ක් හා ඊශ්‍රායල වැසියන් 1200 ක් පමණ මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෙරට අතර ගැටුම් තවදුරටත් පවතින අතර ප්‍රහාර හේතුවෙන් මේ වන විට අවතැන්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇති අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් ගසා තීරයේ බලාගාරයක් සම්පූර්ණයෙන් අක්‍රීයවී තිබෙනවා.
ගසා තීරයට ඉන්ධන ජලය හා ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට බාධා නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලීමක්ද සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.