ස්වභාවික ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති එම දිනය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටයි.
ඒ අනුව ලොව පුරා සිටින මිනිසුන් ආපදාවලට නිරාවරණය වීම පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ලොව පුරා පැවැත්වේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාස සමග ඇති වන ආපදා හේතුවෙන් ගෝලීය තිරසාර සංවර්ධනය මත ඍණාත්මක බලපෑම් එල්ල වන බවයි.
ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ වසරකට මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 60,000කට අධිකයි.
එමෙන්ම දේශගුණික විපර්යාස සමග ඇති වන ගෝලීය ආපදාවලින් 75%ක් පමණ කාබන් විමෝචනය ඉහළ යාම හමුවේ සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.