විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, නව බැඳුම්කරයක් ද එම යෝජනාවට ඇතුළත්ව ඇති බවයි සඳහන් වන්නේ.
මේ තුළින් එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.