මනූෂ සහ හරීන් ගොනු කළ පෙත්සම් විභාග ආරම්භ කෙරේ

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (12) ආරම්භ කර තිබෙනවා.
අදාළ අමාත්‍යවරුන් විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 24 වනදා තෙක් කල් තැබීමට තීරණය කර තිබෙනවා.