ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ වැසියන්ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1 ක පමණ ජනගහනක් ඇති අතර ඔවුන් සියලු දෙනාට සිය නිවෙස් අතහැර දකුණු ගාසා තීරයට යාමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,537 ක් මිය ගොස් 6,612 ක් තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.