අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදුකරණ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16 සහ 17 යන දෙදින තුළ එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි සඳහන් වන්නේ.
එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.