STF වෙඩි පහරින් සැකකරුවෙක් මරුට

අද (12) අලුයම මීටියාගොඩ, මහවත්ත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
ඒ අනුව සිද්ධියෙන් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 42ක් පමණ වූ වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය ඔක්තෝබර් 9 වනදා රත්ගම ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි සැක කටයුතු ස්ථානය පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.