ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම තහනම් වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එය උල්ලංඝනය කරන පිරිස් වෙත දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *