ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද

“පනාපුත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මහජන ගෞරව දැක්වීම සඳහා දේහය අද දහවල් 12.00 දක්වා නිවසේ තැන්පත් කර ඇති අතර සවස 3.00 ට නිවසේ ආගමික පිළිවෙත් ආරම්භ කිරීමට නියමිතයි.
නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලගා වීම සිදු කෙරෙන අතර සවස 5.00 ට දේහය මිහිදන් කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.