දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර නායයාමකින් STF සහ පොලිස් නිලධාරීන් 7කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 6 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතරදී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
මේ අතර අධිවේගී මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ සිට මාතර දෙසට ගමන් ගන්නා රථවාහනවලට පින්නදූව හුවමාරුවෙන් පිටවී ඉමදූව හුවමාරුවෙන් යළි අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව සඳහන්.
එමෙන්ම මාතර සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහනවලට ඉමදූව හුවමාරුවෙන් පිටවී පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි වනවා.