ICC CWC 2023 : ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ නවසීලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වු තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබාසිටින අතර පාකිස්ථාන කණ්ඩායමද ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.
ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය හා බංග්ලාදේශය එක් තරගය බැගින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 2 බැඟින් ලබාගෙන පිළිවෙලින් 3,4,5,6 යන ස්ථානවල රැඳී සිටිනවා.
ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය සහභාගී වූ තරග සියල්ල පරාජයට පත්වී පිළිවෙලින් 7, 8, 9,10 යන ස්ථානවල පසුවනවා.
ප්‍රසාද ලකුණු සටහන පහතින්.