2018 හෙද කණ්ඩායමේ සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව – සමන් රත්නප්‍රිය

2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කල බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේදී හෙද පුහුණුව සඳහා 2518ක සිසුන් පිරිසක් බඳවාගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පවතින මුල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුනු නිසා මෙයින් 1000 කට පමනක් පත්වීම් ලබා දීමට මහාභාන්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබුනි.
එහෙත්, හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කිරීම මත 2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කර ඇත.
දැනට රට පුරා පිහිටි රෝහල් වල හෙද සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින අතර මීට අමතරව හෙද හෙදියන් විදේශගතවීම මත පුරප්පාඩු 1500 ක් පමන ද නිර්මාණය වී ඇත. මේ හේතුව මත ස්ථාන මාරු වීම් බලාපොරොත්තුවෙන් සිටින හෙද නිළධාරීන් විශාල ලෙස අපහසුතාවයට ලක්ව ඇති අතර වාර්ෂික ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ද දුෂ්කර තත්වයක ඇත.
ඒ අනුව, ඉහත නව බඳවා ගැනීම් මගින් රෝහල් වල පවතින කාර්ය මණ්ඩල හිඟයට පිළියමක් ලැබෙන අතර ස්ථාන මාරු ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කර හෙද නිළධාරීන්ට සහනයක් සැලැස්වීම මගින් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තත්වය වර්ධනය කිරීමට හැකි වනු ඇත.
මීට අමතරව මෙම වසරේ හෙද පුහුණුව සදහා 6500 ක තවත් පිරිසක් අළුතෙන් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති අතර එහි පළමු කණ්ඩායම වශයෙන් සිසුන් 3400 ක පිරිසක් පසුගිය ජුලි 10 දින බදවා ගන්නා ලදී. මෙලෙස හෙද සේවයට නව කණ්ඩායම් එකතුවීමේ පසුබිම මත දැනට විදෙස් ගතවීම සදහා සූදානමින් සිටින හෙද හෙදියන් සදහා ද අවස්ථාව හිමි වන අතර එමගින් අප රටේ පවතින මුල්‍ය හිඟයටද පිළියමක් වනු ඇත.