වෛද්‍යවරුන් අද විරෝධතාවක

දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
ඒ අනුව අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාව පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.