පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අලි සාහිර් මෞලානා පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් නුසුදුස්සෙකු වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අහමඩ් සෙයිනුලාබ්දින් නසීර්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීම හේතුවෙන් පුරප්පාඩුව පිරවීම සඳහා අලි සාහිර් මෞලානා සෙයියඩ් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *