ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ස්ථාන රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බදුල්ල, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.