ගාල්ල සහ මාතර පාසල් අද යළි විවෘත වෙයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද (11) යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දින දෙකක් වසා දැමීමට කටයුතු කර තිබුණා.
කෙසේ නමුත් ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.