ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් ආරම්භ වී 5 වන දිනය වන විට පලස්තීනුවන් 900 ක් හා ඊශ්‍රායල වැසියන් 1200 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගැටුම්වලින් තුවාල ලැබූ විශාල පිරිසක්ද මේ වනවිට රෝහල්ගත කර ඇති අතර ගාසා තීරයේ, සමහර ප්‍රදේශවල දිවි ගලවා ගත් අය වෙත ළඟාවීමට ගලවාගැනීම් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවද වාර්තා වනවා.
මේ වනවිට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඊශ්‍රායලය ගත් තීරණය පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව තිබෙනවා.
එසේම ඊශ්‍රායලයට හා පලස්තීනයට සහාය දක්වන වෙනත් රටවල පිරිස් මේ වනවිට විවිධ වූ විරෝධතා සංවිධානය කර ඇති අතර දවල මන්දිය අයිෆල් කුළුනද ඊශ්‍රායලයට සහාය පල කරමින් වර්ණ ආලෝක දැල්වීමටද කටයුතු කර තිබුණා.