ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ද සංචාරය සඳහා එක්ව සිටින බවයි සඳහන් වන්නේ.
ඔහු මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් සඳහා එක්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.