අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු අවදානම යළිත්

පැවැති වැසි තත්ත්වය සමග යලිත් ඩෙංගු රෝගින් ඉහල යෑමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීම සියලු පාර්ශවයන් හි වගකීමක් බවයි.

මෙම වසරේ ගතවු කාලය තුල ඇතැම් සතිවලදී සතියකට ඩෙංගු රෝගින් 2700 ක් පමණ වාර්තා වූ බවත් පසුව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 ක් දක්වා අඩුවූ බවයි ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරමින් ජනතාව දක්වන සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *