වාහන හැර අනෙකුත් සියළු ආනයන සීමා ඉවත් කිරීමට තීරණයක්

ආනයන සීමා පනවා තිබු වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කිරීමට නියමිත අතර ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.