ගාසා තීරයට ආහාර, ඉන්ධන, විදුලිය සැපයීම ඊශ්‍රායලය සම්පූර්ණයෙන් අවහිර කරයි

ඊශ්‍රායලය විසින් හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ගාසා තීරයට සපයන ආහාර, ඉන්ධන, විදුලිය සහ සෞඛ්‍ය සේවා සම්පූර්ණයෙන් නවතා දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර තිබෙනවා.
මේ වන විටත් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ලෙස ගැටුම් ඇතිවෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.