ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

ආයුර්වේද ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව එම පනත් කෙටුම්පත ඊයේ (09) සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.
1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී තිබුණා.