ලබන වසරේ සිට දුම් පරීක්ෂාව සිදුකරන්නේ නැහැ – පෞද්ගලික බස් හිමියන්ගේ සංගම​ය

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දුම් පරික්ෂාවක් සිදු නොකරන බවත් එකම සේවාව සිදුකරන ආයතන දෙකකට දෙවිදියට නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *